අද ගියානෙ කොළඹ පොත් ප්‍රදර්ශනේ බලන්න. නානාප්‍රකාර පොත්.. හැම
තැනම.. ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ එච්චරට සෙනග... ඒ අතරෙ ලස්සන
ලස්සන ගෑනු ළමයි. බෙල්ලෙ පොට යනව ඒව බලල. ඔහොම ඉන්න අතරෙ
ගොඩ උනා එක පොත් හලකට. බලනකොට රාවය ප්‍රකාශකයන්ගෙ ප්‍රදර්ශණ
කුටිය. අනිත් ඒවට වඩා ටිකක් විතර වෙනස් වගේ. ඇතුලෙ වැඩිය සෙනග
හිටියෙත් නෑ. වික්ටර් අයිවන් මහත්තයගෙත් තවත් ලේඛකයන් කිහිප
දෙනෙකුගෙත් පොත් රාක්කවල අහුරල. ඔය පොත් අතරෙ තිබුන මං මේ දවස්
වල හොයමින් ඉන්න පොතක්. හොයමින් ඉන්නව කිව්වට දැනගෙන හිටියෙනම්
නෑ එහෙම පොතක් තියෙනව කියල. ඒක ආරියරත්න සුබසිංහ මහත්තයගෙ
ඉන්ටවිව් ජය කියන පොත. ඕන එකක් වෙච්චාවෙ කියල අතට අරගෙන
පොඩ්ඩක් කියවල බැලුව. ලියල තියෙන භාෂාවත් සරලයි. එහෙන් මෙහෙන්
කියවල බලද්දියි තේරුනේ, මේ දවස් වල "සොයමින්ස්" එකේ වැඩ කරන අපි
වගේ උදවියට වැදගත් වෙන කරුණු රාශික්ම ඒකෙ අන්තරගත වෙලා තිබුන.
ආයෙ මොනවද සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත පොත. මෙන්න තව සීඩී
එකකුත් දෙනව. ඒකෙ තියෙන්නෙ පොතේ කරුණු වලට අමතරව තවත් වැදගත්
වෙන දේවල් ටිකක්. මේදවස්වල රැකියාවකට අයදුම් කරන හැමෝටම මේපොත
ගොඩක් වැදගත් වෙයි කියල හිතනව. ඔන්න ඔහොමයි මේ අව්රුද්දෙ මං
සාහිත්‍ය මාසය සමරන්නෙ. එහෙනම් ජයවේවා. එන්නඃ.....