අද ගියානෙ කොළඹ පොත් ප්‍රදර්ශනේ බලන්න. නානාප්‍රකාර පොත්.. හැම
තැනම.. ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ එච්චරට සෙනග... ඒ අතරෙ ලස්සන
ලස්සන ගෑනු ළමයි. බෙල්ලෙ පොට යනව ඒව බලල. ඔහොම ඉන්න අතරෙ
ගොඩ උනා එක පොත් හලකට. බලනකොට රාවය ප්‍රකාශකයන්ගෙ ප්‍රදර්ශණ
කුටිය. අනිත් ඒවට වඩා ටිකක් විතර වෙනස් වගේ. ඇතුලෙ වැඩිය සෙනග
හිටියෙත් නෑ. වික්ටර් අයිවන් මහත්තයගෙත් තවත් ලේඛකයන් කිහිප
දෙනෙකුගෙත් පොත් රාක්කවල අහුරල. ඔය පොත් අතරෙ තිබුන මං මේ දවස්
වල හොයමින් ඉන්න පොතක්. හොයමින් ඉන්නව කිව්වට දැනගෙන හිටියෙනම්
නෑ එහෙම පොතක් තියෙනව කියල. ඒක ආරියරත්න සුබසිංහ මහත්තයගෙ
ඉන්ටවිව් ජය කියන පොත. ඕන එකක් වෙච්චාවෙ කියල අතට අරගෙන
පොඩ්ඩක් කියවල බැලුව. ලියල තියෙන භාෂාවත් සරලයි. එහෙන් මෙහෙන්
කියවල බලද්දියි තේරුනේ, මේ දවස් වල "සොයමින්ස්" එකේ වැඩ කරන අපි
වගේ උදවියට වැදගත් වෙන කරුණු රාශික්ම ඒකෙ අන්තරගත වෙලා තිබුන.
ආයෙ මොනවද සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත පොත. මෙන්න තව සීඩී
එකකුත් දෙනව. ඒකෙ තියෙන්නෙ පොතේ කරුණු වලට අමතරව තවත් වැදගත්
වෙන දේවල් ටිකක්. මේදවස්වල රැකියාවකට අයදුම් කරන හැමෝටම මේපොත
ගොඩක් වැදගත් වෙයි කියල හිතනව. ඔන්න ඔහොමයි මේ අව්රුද්දෙ මං
සාහිත්‍ය මාසය සමරන්නෙ. එහෙනම් ජයවේවා. එන්නඃ.....
මගේ බ්ලොග් එක
Sunday, 25 September 2011
Saturday, 20 November 2010
ක්‍රමලේඛණය කල හැකි තාර්කික පාලකය PLC
අහල තියෙනවද PLC (Programmable Logic Controller) ගැන. සිංහලෙන් කිව්වොත් ක්‍රමලේඛණය කල හැකි තාර්කික පාලකය. සරල පරිගනකයක්. ඒත් ගොඩක් වැඩ කරන්න පුළුවන් උපකරණයක්. ඉතිං මේ උපකරණය ගැන, ඒ කියන්නෙ එහි භාවිතය, එහි ප්‍රයෝජන, එය ක්‍රමලේඛණය කරන හැටි මේ වගේ බොහෝ තොරතුරු දැන ගන්න ඔබත් කැමති ඇති. ඉතිං මේ පණිවිඩය ඔබටයි.... ළඟදීම මගේ බ්ලොග් එක තුලින් PLC පිළිබද සරළව පැහැදිලි කරන ලිපි මාලාවක් ඔබ වෙත ගෙන ඒමට මා බලාපොරොත්තු වෙනව..... රැදී සිටින්න මගේ බ්ලොග් එක සමග......
Monday, 27 July 2009
බිත්ති ඔරලෝසුව
හදිස්සියේම ඔරලෝසුව මතක් වුනේ ඒක මේ දැන් මහ සද්දෙන් වැඩකරන්න ගත්ත හින්ද. මොකද ඒක බිත්තියේ එල්ලල මාස තුන හතරක් විතර වෙනව. එල්ලපු වෙලාවෙනම් හොදට වැඩ කරා. දවසක් විතර යන කොට සද්දයක් නෑ. බලනකොට ඒක නැවතිලා. මං හිතන්නෙ බැටරිය බැහැලද කොහෙද. බැටරිය මාරු කරන්නත් කම්මැලියි වගේ.
Sunday, 26 July 2009
සිත් ගත් ගීතයක්
කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ
අත හැරියත් ඔබ මගේ අතින් මට දැනුනෙ නෑ
විලවුන් තවරා ඔබ ඇන්දූවත් මට සුවද නෑ
මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ
ඇයිකලේ මුලුහදින්ම ඔබ මට ආදරේ
නැතිදෝ ඔබ මාගැන දන්නේ
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ
නැතිදෝ ඔබ හට එය වැටහුනේ
ඔය ඇස් රතුවන තුරැ ඔබ ඇඩුවට මට දුකක් නෑ
මට රවමින් ඔබ බැනපුවදන් මට ඇහුනෙ
නෑ මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ
ඒ මොනව වුනත් ඔබ දුන් හැමදේ යලි දෙන්නෑ
Thursday, 23 July 2009
කාලෙකට පස්සේ
හුග කාලෙකින් පෝස්ට් එකක් දාන්න හම්බ උනේ. පහුගිය කාලෙ මගේ මොබිටෙල් HSDPA එක ඩිස්කනෙක් කරලකනෙ තිබ්බෙ.ඔන්න අපේ කටිටිය අලුතෙන් facebook group එකක් පටන් අරන් NDES 2007 කියල. ඒකට මගේ උනුසුම් සුභ පැතුම්. ඔබත් 07 බැජ් එකේනම් ඒකට එකතු වෙන්න
Saturday, 11 April 2009
ෙකාහා
ෙකාහා කලු පාටලු. උෟට රතු පාට පුංචි අැස් ෙදකක් තිෙයනවලු. උෟ අෙප් රටට ඒන්ෙන පිටරට ඉදලලු. අවුරැදු කාෙලට අෙප් රෙට් හැම තැනටම ඒනවලු. උෟට ලස්සනට සින්දු කියන්න පුලුවන්ලු. මෙග් ජීවිෙත්ට මං තාම ෙකාහාෙග සින්දු අහලම නෑ. අෙප් අම්ම කියන්ෙන දැන් ෙකාහා සින්දු කියන්ෙන ෙටලිවිෂන් ඒෙකයි, ෙර්ඩිෙයා් ඒෙකයි විතරලු. අෙන් ෙම්ක කියවන ෙකෙනක් ෙකාහා ගැන දන්නවනම් මට අෙප් අයියෙග බ්ෙලග් ඒකට උෙග් පින්තූරයක් ඒවනවද. මට බලාගන්න.
මම ඒක වසෙර පුංචි ළමෙයක්
මම ඒක වසෙර පුංචි ළමෙයක්
Subscribe to:
Comments (Atom)
